මල්ලි
සුකුමල
පා තබා
රැවුදුන් සුරතල්
සිනහා
තවම
මතකයි
මලනුවනි
කාලය ගෙවී යයි
නුඹත්
මමත්
එකම අම්මගේ
ඇකයේ
විඳි
උණුහුම
මතකද
මගේ
මල්ලියේ
නුඹේ ඔය
අවිහිංසක කම
කොහෙන්
උකහා ගත්තාදෝ
කියනු
මට
මල්ලියේ
සසර පුරා
බවෙන් බවයේ
නුඹව පතනෙම්
මල්ලියේ
මෙත් බුදු අබියස
එකම
සසුනෙක
මහණදම් පුරා
නිවන් දකිමු
අපි මල්ලියේ
අපිට ජීවිතේ පුදුමාකාර මිනිසුන් හමු වෙනවා
මට ලඟදි හම්බ උනා මිතුරියක්
ඇය වරක් ඇගේ මල්ලි ගැන
මට පැවසුවා ඇය තම මලනුවන්ට දක්වපු සෙනෙහස
ටිකක්
වෙනස් කියලා මට දැනුන
ඉතින් ඒ මිතුරියගේ ඒ හැඟුම් ටික කවියකට හර වන්න මට හිතුනා
No comments:
Post a Comment