Powered By Blogger

Thursday, April 12, 2012

නිරපේක්ෂ ආදරය

මුළු අහස තලයම

බලන් හිටිය කන්න

වගේ

මුළු

පොලෝ තලයම

බලන් හිටියේ

ගිලින්න වගේ

තනි කම ළඟ පාත

සතුට දුර ඈත

බුදු හාමුදුරුවෝ වත්

නැත

පිහිට වන්නට

ඇසෙන්නේ

කාගේ හඬක්ද

පැමිණ

ඇය මා ලඟට

සිප ගති මගේ

 නළල් තලයම

හිඳුවාගෙන ඇයගේ

උකුලේ

දැනුදු මතකයි වැහුණු

පෙම් රස දාරාව

අම්මේ

මෙතරම් 

  ලොකු   වෙලත්

මම   

තවම 

කිරි දරුවෙක් 


1 comment:

Suresh Nalaka said...

කෙළෙස සසඳන්නද
මවකගේ උණුසුම සබඳ

නියමයි සහෝ!