Powered By Blogger

Friday, April 13, 2012

මල්ලි

සුකුමල
පා තබා
රැවුදුන් සුරතල්
සිනහා
තවම
මතකයි
මලනුවනි
කාලය ගෙවී යයි
නුඹත්
මමත්
එකම  අම්මගේ
ඇකයේ
විඳි
උණුහුම
මතකද
මගේ
මල්ලියේ
නුඹේ ඔය
අවිහිංසක කම
කොහෙන්
උකහා  ගත්තාදෝ
කියනු
මට
මල්ලියේ
සසර පුරා
බවෙන් බවයේ
නුඹව පතනෙම්
මල්ලියේ
මෙත් බුදු අබියස
එකම
සසුනෙක
මහණදම් පුරා
නිවන් දකිමු
අපි මල්ලියේ

 

අපිට ජීවිතේ පුදුමාකාර මිනිසුන් හමු වෙනවා
මට ලඟදි හම්බ උනා මිතුරියක්
ඇය වරක් ඇගේ මල්ලි ගැන
මට පැවසුවා ඇය තම මලනුවන්ට දක්වපු සෙනෙහස

ටිකක්

වෙනස් කියලා මට දැනුන
ඉතින් ඒ  මිතුරියගේ ඒ හැඟුම් ටික කවියකට හර වන්න මට හිතුනා

 

Thursday, April 12, 2012

නිරපේක්ෂ ආදරය

මුළු අහස තලයම

බලන් හිටිය කන්න

වගේ

මුළු

පොලෝ තලයම

බලන් හිටියේ

ගිලින්න වගේ

තනි කම ළඟ පාත

සතුට දුර ඈත

බුදු හාමුදුරුවෝ වත්

නැත

පිහිට වන්නට

ඇසෙන්නේ

කාගේ හඬක්ද

පැමිණ

ඇය මා ලඟට

සිප ගති මගේ

 නළල් තලයම

හිඳුවාගෙන ඇයගේ

උකුලේ

දැනුදු මතකයි වැහුණු

පෙම් රස දාරාව

අම්මේ

මෙතරම් 

  ලොකු   වෙලත්

මම   

තවම 

කිරි දරුවෙක් 


Wednesday, April 11, 2012

සුබ නව වසරක් වේවා

අවුරුද්ද
රට පුරා
සුබ පැතුම්
වැහි වැහලා 
කුසට  අහරක්
නැතිව
තවත් උන්
කුස ගින්නේ
කුස්සියේ හැලි වලන්
ඔච්චමට හිනාවෙයි
දිරා ගිය රෙදි කැබලි
හිස් අහස දෙස බලයි
යථාර්තය
තිමිරයෙන්
වසාගත්
අපුරුව
කොහාගෙත්
කෙල හිඳිලා
හඬන්නට
පණ නැතිය
වැඩි වෙලා හැම දේම
කොහිද සුබ අවුරුද්ද
එනමුදු ඔබ සැමට
වේවා සුබ අවුරුද්ද

යථාර්තය සිතේ දරාගෙන අවුරුදු සමරමු
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා






අවුරුද්ද රට පුරා සුබ පැතුම් වැහි වැහලා  කුසට  අහරක් නැතිව තවත් උන් කුස ගින්නේ කුස්සියේ හැලි වලන් ඔච්චමට හිනාවෙයි දිරා ගිය රෙදි කැබලි හිස් අහස දෙස බලයි යථාර්තය තිමිරයෙන් වසාගත් අපුරුව කොහාගෙත් කෙල හිඳිලා හඬන්නට පණ නැතිය වැඩි වෙලා හැම දේම කොහිද සුබ අවුරුද්ද එනමුදු ඔබ සැමට වේවා සුබ අවුරුද්ද  යථාර්තය සිතේ දරාගෙන අවුරුදු සමරමු ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා

අනාවැකිය,,,,,,,,,,,,,,,,,,,,,,,,,,


මගෙන් මිස

එවන්

කෙනෙක්

සමග

එක්වන්නට

නැත නුඹට

දිරියක්

අබැටක්

තරම් වත්

කියූ ඒ අනාවැකිය

අදටත්

හරි

මම දැන්

වල්මත්ව

මගේ කවිය

ලියම්

ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ,

දෙවන ප්‍රේමයයි බොඳව ගියේ,

........................................

........................................

.........................................

........................................

මෙම අනුක්‍රමය අනන්තය දක්වා දිවෙයි ,,,,

කඳුළෙහි සතුට

පෝරු මස්තකයෙහි
මගුල් බෙර වැයෙයි
මල බෙර තාලෙට
හද අත්පොඩි තලයි,
පාවඩ මතින් මදුසමය  කරා
ඒ පාවඩ මතින්ම සොහොන කරා
ඇගේ ලොවට වසන්තය
මගේ ලොවට ගිම්හානය
චිතකය දැල් වෙයි
නුබ ගැබ කඳුළැල් සලයි
ඒ කඳුළැල්  ඇයට
මල් වැස්සක් වේවා

Tuesday, April 10, 2012

ඇරඹුම

ප්‍රවේශය ,,,
අල්ප මාත්‍රික
සත්‍ය  රජයන
අසත්‍ය
කුරිරු
හස්තයට
දන් පින්
දෙවන
සමාජ
මස්තකයේ
සිට
අවසරයි
පිහිනන්නට
උඩුගම්බලා
සයිබර්
අවකාශයේ